ජංගම දුරකථන ඔස්සේ බෝනොවන රෝග පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු ආරම්භ කර තිබේ.
ඒ අනුව 1995 දුරකථන අංකය හඳුන්වා දීම අද බෝනොවන රෝග කාර්යාංශයේ මූලිකත්වයෙන් ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
මෙහිදී 1995 අංකයෙන් ජංගම දුරකථනය වෙත ලැබෙන පටිගත කරන ලද ඇමතුමට පිළිතුරු සැපයීමෙන් ඔබටද මේ සඳහා දායකත්වය ලබාදිය හැකිය.
සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම සේවාව ක්‍රියාත්මක වේ. පටිගත කරන ලද හඩපටයක් මගින් මෙහිදී ප්‍රශ්න 20ක් ඉදිරිපත් කෙරෙන අතර මීට වැය වන්නේ මිනිත්තු 5- 7 අතර කාලයක් පමණි. පිළිතුරු සැපයීම සිදුකල යුත්තේ පිළිතුරට අදාළ අංකය යෙදීම මගිනි. ස්ථාවර දුරකථන අංක වෙත මෙම ඇමතුම නොලැබෙන අතර සතිඅන්තයේ දිනවල හා රජයේ නිවාඩු දිනවල මෙය ක්‍රියාත්මක නොවේ.
මෙම සමීක්ණයට සහභාගී වීම ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නම් නැවත ඔබට ඇමතුම් නොලැබේ. මේ සඳහා කිසිදු ගාස්තුවක් අය නොවේ. තවද මේ හරහා ඔබේ වයස හැර වෙනත් කිසිදු පුද්ගලික තොරතුරක් ලබා නොගන්නා අතර සපයන සියලු තොරතුරු වල සුරක්ෂිතභාවය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රකිනු ලබයි.
1995 අංකය මගින් ලැබෙන අමතුම සඳහා වැය කරන මිනිත්තු 5ක කාලය ඔබේත් ඔබේ මතු පරපුරේත් සෞඛ්‍යයේ යහපැවැත්ම සඳහා සිදුකරන ආයෝජනයක් ලෙස සළකා මීට දායකත්වය ලබාදෙන ලෙස බෝනොවන රෝග පිළිබඳ කාර්යාංශය ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
නදුන් ශ්‍යාමල්
