සැක කටයුතු ත්‍රිරෝද රථයක තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 02ක් අත්අඩංගුවට
- 4 09 2019
- 12:15
- {{hitsCtrl.values.hits}} views
- ..
නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ඊයේ (3) දින යාපනය, කරෛයිනගර් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02.16 ක් සොයා ගැනීමට සමත්ව ඇත.
ඒ අනුව, උතුරු නාවික විධානය සහ යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ සෝදිසි කීරිමකදී සැක කටයුතු ත්‍රිරෝද රථයක් නිරික්ෂණය කර ඇති අතර, එහිදී ත්‍රිරෝද රථය පරික්ෂාවට ලක් කිරීමේදී එහි සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත.
මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිට ඇති බව සැක පළ කෙරෙන අතර, සෝදිසි කිරීම් හේතුවෙන් සැකකරුවන් පළා ගොස් ඇත. ඒ අනුව, සැක කටයුතු ත්‍රිරෝද රථය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කයිට්ස්, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
