ගෑස් ප්‍රශ්නයට හේතුව පිළිබඳ අවසන් තීන්දුවක් විද්‍යාත්මකව වර්ථමානය තුල ලබා ගැනීමට නොහැකි වුවද ගෑස් වල සංයුතිය වෙනස් කිරීම නිසා මෙම ප්රශ්නය ඇතිවූ බවය පිළිගත යුතු බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 14 වැනි දිනය සඳහා අද (08දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර පසුගියදා ස්ථාන 12න් ලබා ගත් ගෑස් නියැදි ඛණිජතෙල් සංස්ථාවේ පරික්ෂාවට යොමු කළ බවත් එම ගෑස් නියැදි 12ම ප්‍රොපේන් 47% - 48% අතර තිබෙන බවට වාර්ථාව පැමිණ තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව වර්ථමානයේ ගෑස් පිළිබඳ 100%ක් පාරිභෝගික ජනතාවට පැහැදිලි වගකීමක් ලබා දිය නොහැකි බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,
මේ වන විට ගෑස් පිළිබඳ බලාපොරොත්තු නොවූ ප්රශ්නය සාර්ථකව අපි මුහුණ දීලා නිරාකරණය කර ගැනීමට යම්කිසි පාලනයක් මේ දක්වා අපට කර ගැනීමට අපිට පුලුවන් කමක් ලැබිලා තිබෙනවා. අපිට අවශ්‍ය වෙලා තිබෙන්නේ මේක පුපුරවා ගන්න නෙවෙයි. මේ ප්රශ්නය උඩුදුවා ගන්න නෙවෙයි. මේ දක්වා තවම අවසාන නිරීක්ෂණයක් , තීන්දුවක් විද්‍යාත්මකව අපිට තොරතුරු ලබාගන්න පුලුවන් කමක් ලැබුනේ නෑ. නමුත් අදට මගේ පෞද්ගලික නිගමනය ගෑස් වල සංයුතිය වෙනස් වීම නිසා මේ ප්රශ්නය ඇති වුනා කියන එක විශේෂයෙන්ම අපි පිළිගත යුතුයි. මේකේ ප්රශ්නය තිබෙන්නේ අපේ ප්‍රමිති ආයතනය විසින් ගෘහස්ත ගෑස් සඳහා සකස් කළ ප්‍රමිතියට අද අපි නරකයි කියන ගෑසුත් ප්‍රමිතියට අනුකූලයි. ප්‍රමිති ආයතනය සකස් කළ ප්‍රමිතියේ සංයුතිය පිළිබඳ සඳහන් කරලා නෑ. අපි නියැදි 12ක් යැව්වා ඛණිජතෙල් සංස්ථාවට. ඒ 12ම තිබෙන්නේ ප්‍රොපේන් 47% - 48% වගේ. මට ඒ වාර්ථාව සභාගත කරන්න පුලුවන්. ඒ වගේම ප්‍රමිති ආයතනයට නියැදි 10ක් යැව්වා. මේ 10ම කියන්නේ ප්‍රමිතියට අනුකූලයි කියලා. මේකේ තාක්ෂණ ප්‍රශ්නයක් තිබෙනවා.
ගෑස් සමාගම් දෙකේ නිෂ්පාදන ක්‍රියාවලිය දිහා බැලුවම මමත් පෞද්ගලිකව නිරීක්ෂණය කළා , පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ඇතුලු නිලධාරීන් නිරීක්ෂණය කළා. මේ සිලින්ඩර් වල පැහැදිලිවම අංකයක් නෑ. රජය සහ රජයේ ආයතන වගේම මේ ගෑස් සමාගම් වල ක්‍රියාකාරීත්වයත් දැවැන්ත සැලකිය යුතු ප්‍රශ්න ගණනාවක් තිබෙන බව අපේ නිරීක්ෂණ වලින් පැහැදිලි වෙන්නේ.
මේ තත්ත්වය නිරාකරණය කර ගැනීමට අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගත්තා. පළවෙනි ක්‍රියාමාර්ගය තමයි රටට ඇතුලු වෙන ගෑස් පාර්භෝගික අධිකාරියෙත්, ප්‍රමිති ආයතනයෙත් නිලධාරීන් නැවට ගිහින් නියැදි ලබාගෙන ඒ නියැදි පරීක්ෂණය කරලා 30% -32%ත් වගේ ප්‍රොපේන් තිබුනොත් විතරයි ඒවා අපි ඇතුලට ගන්නේ. ඊලගට ගඳ වහනය වන රසායනික ද්‍රව්‍ය තිබුනේ නෑ. ඒ සමාගම් වලට අපිටත් මැදිහත් වෙලා සොයා දෙන්න සිදුවුනා. ඊයේ ඉදන් නිකුත් කරපු ගෑස් වලට වෙනම ස්ටිකර් දෙකක් සලකුණු කරලා තිබෙනවා. ඒ වගේම දැනට වෙළදපොලේ තිබෙනවා නම් සීල් එක කඩපු නැති ඒවා ආපසු ලබා ගැනීමට උපදෙස් ලබා දුන්නා. මේ ක්‍රියාමාර් අරගෙන තිබෙනවා. අදටත් අපි 100%ක්ම පාරිභෝගික ජනතාවට පැහැදිලි වගකීමක් ලබා දෙන්න පුලුවන් කමක් නෑ. අපේ ඉලක්කය තිබෙන්නේ ඉතාමත් කඩිනමින් 100%ක් පාරිභෝගිකයා ආරක්ෂා වන මට්ටමට මේ ප්රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා අපේ ඉලක්කය බවට පත්වෙලා තිබෙන්නේ. යනුවෙන්ද සඳහන් කළේය.