සංචාරකයින්ට ගුවන්තොටුපල විවෘත කිරීම ගැන සාකච්ඡාවක්
විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (03) සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
මෙම සාකච්ඡාව සදහා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් ඇතුලු සෞඛ්‍ය බලධාරීන්, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම, සංචාරක සංවර්ධන අධීකාරිය හා හෝටල් ක්ෂේත්රයේ ප්‍රවීණයින් සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධානීන් රැසක් සහභාගීව සිටියහ.
එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරක කර්මාන්තය ඉදිරියට නගා සිටුවීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරිමට අදාලව මූලික සැළසුම් සකස් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සහ සංචාරක අමාත්‍යාංශය මෙන්ම සංචාරක ක්ෂේත්රයට අදාල අංශ නියෝජනය කරන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලදි. එම කමිටුවේ තින්දු තීරණ පරිදි විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාලව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

