සංචාරකයන් ලක්ෂයක් ඇවිත්
මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණිම ලක්ෂය ඉක්මවයි. පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 28 වෙනි දා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 101,872 කි. නොවැම්බර් මස 01 වෙනිදා සිට ඊයේ (28) දක්වා සංචාරකයන් 41,177 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛණ අනුව වැඩිම සංචාරක පිරිසක් පසුගිය දින 28 තුළ පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඊට අමතරව රුසියාව, එක්සත් රාජධානිය, පාකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, ඇමෙරිකාව, කැනඩාව සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයන් පැමිණ තිබේ. ඉන්දියාවෙන් පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 13,368 කි. ඉන්දියාවට පසු පසුගිය දින 28 ක කාලය තුළ වැඩිම සංචාරක පිරිසක් පැමීණ ඇත්තේ රුසියාවෙනි. එම සංඛ්‍යාව 3,449 කි.
මේ වසර අවසන් වන විට සංචාරකයන් 150,000 ත් 180,000 ත් අතර පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පුරෝකථනය කොට ඇත. ලබන වසර වන විට සංචාරක ව්‍යාපාරය ක්‍රමානුකුලව යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

