‘ෂු කේ ෂෙන්’ සාර්ථක සංචාරයකින් පසු පිටව යයි
- 20 11 2019
- 16:35
- {{hitsCtrl.values.hits}} views
- ..
නිල සංචාරයක් සඳහා නොවැ. 14 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව ඊයේ (19) දින කොළඹ වරායෙන් පිටත් විය.
එහිදී, නාවික හමුදා සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.
දින 06ක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ‘ෂු කේ ෂෙන්’ නෞකාවේ නැව් මුළුව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී, ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන් මෙන්ම ශ්රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරයට ද එක්විය.
මෙම සුහද සංචාරය ශ්රී ලංකා සහ චීන නාවික හමුදාවන් අතර,සුහදතාවය වර්ධනය කිරිම මෙන්ම දැනුම සහ අත්දැකිම් හුවමාරු කර ගැනිමටද ඉවහල් විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
