ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කටාර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් වූ ද්වීපාර්ශ්වීය සාකච්ඡාවක් පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා හා කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය යන මහත්වරුන් විසින් කටාර් රාජ්‍යයේ සිදුකළ සංචාරයකදී කළ ආරාධනයකට අනුව මෙහි පැමිණි කටාර්හි කම්කරු කටයුතු පිළිබඳ උපලේකම් මොහොමඩ් හසන් ඔබයිඩ් (HE.Mohammed Hassan Al-Obaidli – Undersecretary of Labour Affairs) මහතා ප්රමුඛ කටාර් රාජ්‍යයේ දූත පිරිස හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළ අතර මෙම හමුව 2021.11.29 දින මෙහෙවර පියසේදී පැවැත්වුණි. එහිදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් කටාර් රාජ්‍යයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සඳහා අවකාශ ලබාදෙන ලෙසට ඉල්ලා සිටින ලද අතර, ඒ සඳහා දූත පිරිසේ අවධානය යොමුවිය.