ශ්රී ලන්කන් කළමණාකරුවෙකුට ලක්ෂ 31ක මාසික වැටුපක්
සීමාසහිත ශ්රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට සේවයේ යෙදී සිටින ඉහළ කළමණාකරණයේ නිලධාරියෙකු රුපියල් මිලියන 3.1 ක මාසික වැටුපක් ලබන බව කෝප් කමිටුවේදී අණාවරණය විය. ඒ එම සමාගම කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදීය.
එසේම ගුවන් නියමුවන් 82 දෙනෙකු රුපියල් මිලියන 02 කට වැඩි මාසික වැටුපක් ද , තවත් ගුවන් නියමුවන් 142 දෙනෙකු, ගුවන් යානා ඉංජිනේරුවන් 12 දෙනෙකු, ඉංජිනේරු අංශයේ කළමණාකරුවන් 09 දෙනෙකු හා ඉහළ කළමණාකරණයේ නිලධාරින් 03 දෙනෙකු රුපියල් මිලියනයත්, මිලියන 02 අතර මාසික වැටුපක් ලබන බවද කාරක සභාවේ නිරීක්ෂණයට ලක්විය.
සීමාසහිත ශ්රී ලන්කන් ගුවන් සේවා සමාගමේ දෛනික පාඩුව රුපියල් මිලියන 84 ක් බව කාරක සභාවේදී හෙළිව තිබේ.
සීමාසහිත ශ්රී ලන්කන් ගුවන් සේවා සමාගමේ 2021 මාර්තු 31 දිනට, එය නැවත රජයට පවරා ගැනීමේ දින සිට සමුච්චිත අලාභය රුපියල් මිලියන 372,015 ක් බව කෝප් කාරක සභාවේදී අණාවරණය විය.
2020/21වර්ෂයේ බදුවලට පසු එම සමාගමේ මුළු අලාභය රුපියල් මිලියන 45,674 ක් බවත්, මෙහෙයුම් අලාභය ද වැඩි වී තිබෙන බවත් බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී මාහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

popular news
-
Kumar Thursday, 08 July 2021 06:47 AM
Shut it down or downsize operations. It is a luxury Sri Lanka can afford. Find some other means to give high salaries to relatives of politicians.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.