ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර සංචාරක සහයෝගිතාව වර්ධනය සදහා ඒකාබද්ධ කමිටුවක් පිහිටුවීම කෙරෙහි අවදානය යොමුව තිබෙනවා.
දෙරට අතර අත්සන් කෙරුණු සංචාරක අවබෝධතා ගිවිසුමට අනුව එය පත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති හුසේන් එල් සහාර්ථි මහතා සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවේ දී මේ පිළිබද සාකච්ඡා කෙරුණා.
දෙරට අතර ද්වි පාර්ශ්වික සබදතා පුළුල් කර ගැනීම පිළිබදවද අවධානය යොමු වුණා.
මේ පිළිබද ඉදිරි පියවර ගැනීම සදහා ද එකගත්වය පළ කෙරුණා.