මෙතෙක් ශ්‍රී ලංකාවට එක්වරකදී ලැබෙන විශාලම එන්නත් පරිත්‍යාගය වශයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබේ.
හෙට අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකකින් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ගෙන එයි.
එන්නත්වලට අමතරව එන්නත්කරණය සඳහා අවහ්‍ය සිලින්ජර් මිලියන 1.6ක්ද මේ සමගම චීනය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
මීට පෙර අවස්ථා දෙකකදී චීනය ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා මිලියන 1.1ක් පරිත්‍යාග කළේය.


