පාර්ලිමේන්තු මැතිවරණය මූලික කරගනිමින් රට පුරා කුඩා රැස්වීම් පහළොස්දහසක් පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මීට අමතරව ජූලි 01 වන දින සිට දිස්ත්‍රික් සංවිධායකවරුන් තමන්ට අයත් දිස්ත්‍රික්කයට අමතරව ආසන්න දිස්ත්‍රික්කවලට ගොස් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරන ලෙසට උපදෙස් ලබාදී තිබෙන බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
සියලුම ප්රචාරක කටයුතු %කෝවිඩ් - 19^ සෞඛ්‍ය උපදෙස්වලට හා මැතිවරණ නීතිවලට යටත්ව සිදුකරන ලෙසට දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් උපදෙස් ලබාදී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
එසේම මැතිවරණ කාර්යාල තුළ මනාප අංක ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා නොදෙන නිසා එම නීතියට ගරු කරමින් ගෙයින් ගෙට ගොස් අදාළ කටයුතු සිදුකරන ලෙසට අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, මැතිවරණ නීතියට ගරු කරමින් සියලුමදෙනා ප්රචාරක කටයුතු කළහොත් සම බිමක තරග කිරීමට හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.
මේ අනුව ඉදිරි මැතිවරණය මූලික කරගනිමින් මේ වන විට ග්‍රාමිය රැස්වීම් ආරම්භ කර තිබෙන බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.