ශ්‍රී ලන්කන් චීන හා සෞදි ගුවන් ගමන් තාවකාලිකව නවතයි
කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනය සහ සෞදි අරාබිය වෙත සිදු කෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත් හිටුවා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව චීනයේ බීජිං, ෂැංහයි සහ ග්වැන්ෂෝ වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙම මස , එනම් මාර්තු මස 10 දින සිට අප්‍රියෙල් මස 30 දින දක්වා මෙසේ තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඊට අමතරව සෞදි අරාබියේ සිවිල් ගුවන් සේවා අධිකාරීයේ නිර්දේශ මත එරට වෙත යන ගුවන් ගමන් ද මාර්තු මස 15 වෙනි දින සිට අප්‍රියෙල් මස 30 දින දක්වා අත්හිටුවා තිබේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සෞදි අරාබියේ රියාද් සහ දමාම් වෙත තම ගුවන් සේවා සපයයි.
එමෙන්ම වර්තමානයේ ඇති වී තිබෙන මෙම අයහපත් සෞඛ්‍ය තත්වය යම් වෙනසකට ඉදිරි දින වලදී භාජනය වුවහොත් , ගුවන් ගමන් ද අප්‍රියෙල් 30 දිනට පෙර, යළින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

