ශ්‍රී ලංකාව ලබන වසරේත් සුපිරි 12ට නැහැ
- 7 11 2021
- 10:32
- {{hitsCtrl.values.hits}} views
- ..
ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ජගත් ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කර ඇත
ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය ලබන වසරේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගෙන ඇති කණ්ඩායම් වෙයි.
ශ්‍රී ලංකාව, කොදෙව් කණ්ඩායම, නැමීබියාවට හා ස්කොට්ලන්තයට ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය තුළ පළමු වටයේ සිට ක්‍රීඩා කිරීමට සිදුව තිබේ.
2022 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදීයි 20-20 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
