ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍යාධාර නොව අයෝජනයි - ජනපති
ශ්‍රී ලංකාවට අවශ්‍ය හුදෙක් මූල්‍යාධාර නොව, අධ්‍යාපන, තාක්ෂණ, කෘෂිකර්ම හා කර්මාන්ත ක්ෂේත්රයන්හි ආයෝජන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙරට චාරිකාවක නිරත ලක්සම්බර්ග් විදේශ ඇමති ජීන් ඇසෙල්බ්‍රෝන් මහතා ඊයේ (31දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේසී මේ බව පැවැසීය.
ඉහළ නිපුණතාවක් ඇති ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බවත්, නවීන තාක්ෂණය භාවිත කරන කර්මාන්තවලට ඔවුන් දායක කර ගැනීමේ හැකියාව ඇති බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.
දෙරටේ සබඳතා තර කර ගැනීමට තමන් දක්වන උනන්දුව පළ කළ ආගන්තුක ඇමතිවරයා දෙරටම කුඩා රාජ්‍යයන් බැවින් බොහෝ සමානතා පවතින බව පැවසීය.
පුනර්ජනනීය බලශක්තිය, භාණ්ඩ ප්‍රවාහන සහ මූල්‍ය ක්ෂේත්රයේ දී ලක්සම්බර් රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවට ලබාගත හැකි සහය පිළිබද අවධානය යොමු කෙරිණි. මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන ලක්සම්බර්ග් රාජ්‍යයට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ දියුණුව සඳහා උපකාර කිරීමේ හැකියාව ඇති බව ඇමතිවරයා කීය.
ඝර්ම කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති උත්පාදනයට විශේෂ විභවතා ඇති බව ඔහු පැවසීය.

popular news
-
Kumar Saturday, 01 February 2020 08:53 PM
මුල්‍ය ආධාර දෙන්න ඒ රටේ රජයෙන්. ආයෝජනය කරන්නේ පෞද්ගලික ආයාජකයෝ . රටේ කෙරෙන සෑම දෙයක් ඔවුන්ට පෙනෙනවා. රටේ වාතාවරණය හොඳ වෙනකොට ආයෝජකයින් ලංකාවට එන්න පොරකන්න පටන් ගන්නවා. අනෙක එක පවුලක සාමාජිකයින් රටක් පාලනය කරන එක ගැන ආයෝජකයිනට පෙනෙන්නෙ යහපත දෙයක් හැටියට නොවේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

