3.59 PM ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යයි
ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එහි හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා පැය 5.30ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග පැවැත්වූ බව කියන දුරකතන සංවාද සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පස්වරු 3.30ට පමණ පිටත්ව ගොස් තිබේ.
11.00 AM ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
දැනට සේවය අත්හිටුවා ඇති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
රන්ජන් රාමනායක මහතා හා පැවැත්වූ දුරකතන සංවාද සම්බන්ධයෙන් ප්‍රකායක් ලබාදීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.