දැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකළ එහෙත් මේ වන තුරුත් ළමයෙකු පිළිසිඳ ගැනීම නොමැති වූ කාන්තාවන් දස දෙනකු අද (28) දින පෙරවරුවේ දඹුල්ල පොලීසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කරන්නට වූහ.
මෙම මවුවරුන් 2013 වසරේ සහ 2015 වසර දක්වා දඹුල්ල මූලික රෝහලේ දරු ප්‍රසූති සඳහා නේවාසිකව නැවතී පසුව සිසේරියන් සැත්කම් මගින් දරුවන් ලැබූ මවුවරු බව පොලීසිය පවසයි.
මෙම මවුවරුන් සියලු දෙනාම කියා සිටියේ දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයා විනාඩි දහයක් පහළොවත් අතර කාලයක් තුළ තම සිසේරියන් සැත්කම සිදුකළ බවත් ඉතාමත් විනෝදකාමී ලෙස එම සැත්කම සිදුකළ බවය.
මෙම සිද්ධිය අනාවරණය වන තුරු තමන්ට දරුවන් නොලැබීම පිළිබඳව විවිධ වෛද්‍යවරුන්ට සහ යාග හෝම බලි තොයිල් සිදුකළ බවද මෙම මවුවරු පවසති.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කියා සිටියේ මේ වනවිට දඹුල්ල පොලීසියට ලැබෙන සෑම පැමිණිල්ලක් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවය.
දඹුල්ල පොලීසිය ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක කේ .කේ .එස් . කෝදාගොඩ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිලි සටහන් කර ගනු ලැබීය.
