අලුත්ගම පොලිස් වසම තුළ දී මෙයට වසර දහයකට පෙර සිදුකළ එළු සොරකමක් සම්බන්ධයෙන් වීරවිල බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් පැන ගොස් වසර 10 කින් පසු එම සැකකාර රැඳවියා බේරුවල පොලීසිය මගින් අද (13) අත්අඩංගුවට ගත් බව කියයි.
මෙම සැකකරු එම සොරකම සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර ගතව සිට වීරවිල බන්ධනාගාරයේ දඬුවම් විඳිමින් සිටියදී ඉන් පැන ගොස් තිබෙන බව පොලීසිය කියයි.
සැකකරු අධිකරණය මගහැර සිටියදී අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදී වීරවිල බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව අනාවරණය කරගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බේරුවල මාලිගාහේන ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකි.
සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා