රජයක් වශයෙන් ජනතා අභිලාෂය ඉටු කිරිමේ විශාල වගකිමක් නව රජයට පැවරී ඇතැයි හිටපු ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
මහින්ද අමරවීර මහතා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.
ජනතාව මෙවර මහා මැතිවරණයෙන් ඵෙතිහාසික ජයග්‍රහණයක් ලබාදී තිබේ. ජනාධිපතිතුමා හා අගමැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ විශ්වාස කරමින් 2/3 විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වු බව ද කීය. මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරමින්,නීතිගරුක රටක් නිර්මාණ කරන බවද අනාගත දරුවන් වෙනුවෙන් ජනාධිපතිතුමා,අගමැතිතුමා හොඳ රටක් ගොඩනගන බවද පැවසීය.
එසේම සිංහල,මුස්ලිම්,දෙමළ භේදයකින් තොරව දකුණට පමණක් සීමා නොවී මුළු රටට ම වැඩ කිරීමට සුදානම් බව ද මහින්ද අමරවීර වැඩිදුරටත් කීය.
