ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වුවහොත් ජාතික ආණ්ඩුවට ඉදිරියට ගමන් කළ නොහැකි බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය භාවිත නොකිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් නොමැති බවද ඔහු පැවැසීය.