විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය 1800 ඉක්මවයි
විශ්වවිද්‍යාලව ආචාර්වරුන්ගේ හිඟය මේ වනවිට 1,800 ඉක්මවා ගොස් තිබෙන බවත්, මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය දැඩි අර්බුයකට ලක්වෙමින් තිබෙන බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සඳහන් කරයි.
සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම් කටයුතු කිරීම සඳහා ආධුනික කතිකාචාර්වරුන්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්වරුන්, මහාචාර්වරුන් 8,500ක් සේවය කළ යුතු බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චාරු දත්ත ඉලංගසිංහ මහතා පැවසීය.
එහෙත් මේ වනවිට සේවය කරනු ලබන්නේ, ආචාර්වරුන් 6,700ක ප්‍රමාණයක් බවත්, සියලුම් විශ්වවිද්‍යාලවල අචාර්ය පුරප්පාඩු පවතින අතර, මින් වැඩිම ආචාර්ය හිඟයක් පවතින්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ බවත් පවසා සිටි හෙතෙම, එම විශ්විද්‍යාලයේ පුරප්පාඩු 257ක් පවතින බවද සඳහන් කළේය.
මීට අමතරව මොරටුව විශ්වවිද්‍යාලය තුළ පුරප්පාඩු 227ක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරප්පාඩු 209ක්, කොළඹ විශ්වවිද්‍යාලය තුළ පුරප්පාඩු 164ක්, යාපනය විශ්වවිද්‍යාලය තුළ පුරප්පාඩු 137ක්, රුහුණු විශ්වවිද්‍යාලය තුළ පුරප්පාඩු 152ක් රජරට හා කැලණිය විශ්වවිද්‍යාල තුළ පුරප්පාඩු 133ක් වශයෙන් හා සෑම විශ්වවිද්‍යාලයකම ආචාර්ය පුරප්පාඩු පවතින බවද ඉලංගසිංහ මහතා පවසා සිටියේය.
රාජ්‍ය සේවයට බඳවා ගැනීම සීමා කරමින් චක්‍රලේඛයක් පසුගිය කාලයේදී රජය නිකුත් කළ බවත්, මේ නිසා කිසිදු තනතුරකට බඳවා ගැනීම් සිදුකළ නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම පවතින ආර්ථික අර්බුදය නිසා ආචාර්වරුන් රට හැර යමින් තිබෙන බවත්, මේ නිසා ඉදිරියේදී ආචාර්ය හිඟය තව තවත් ඉහළ යා හැකි බවත් ඉලංගසිංහ මහතා පවසා සිටියේය.
රජයේ අනුමත සංඛ්‍යාලේඛනවලට අනුව අචාර්වරුන් 8,500ක් සිටිය යුතු බවට සඳහන් වුවත්, සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය සාමාන්‍ය වශයෙන් පවත්වාගෙන යාම සඳහා අචාර්වරුන් 11,300ක් සේවය කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
popular news
- 
                            Prabath Wednesday, 24 May 2023 01:11 PM First calculate the workloads (35 h / Week) and norms (Contact hours / Week of different categories of lecturers) of available lecturers and compare with academic timetables for 2 semesters. Now, in general workloads cannot be covered by available lecturers due to the unclear, uncertain, and fabricate details are given by the lecturers. Further, most of the senior lecturers work are done by juniors and temporary staff until they get permanent, but mostly contact hours are less than the norm in general. However, it is better to say that necessary to make compulsory for signing the arrival and departure for all services. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                