විභාග දෙපාර්තමේන්තුවෙන් සහතික නිකුත් කිරිම ONLINE ක්‍රමයට
සෞඛ්යාරක්ෂිත හේතුන් මත ශී‍්‍ර ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවා හා සාමාන්‍ය සේවා කවුළු අද (15) සිට කි‍්‍රයාත්මක වන පරිදි තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇති බවයි.
අයදුම්කරුවන්ට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ සහ විද්‍යුත් තැපෑල මගින් අයදුම් කර පැය 48ක් ඇතුළත සහතික පත්‍ර නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම සලසා ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන doenets.lk වෙත පිවිස ලබාගත හැකියි.

popular news
-
මද්දුමගේ දොන් අංජල සමිත ලක්ෂාන් මද්දුමගේ Monday, 05 July 2021 01:09 PM
මාගේ විභාග ප්‍රථිපල පත්‍රිකා අස්ථාන ගතවීම හේතුවෙන් නැවතත් එම පත්‍රිකා ගෙන්වා ගැනීම සදහා විභාග කොමසාරිස්තුමා ගෙන් කාරුනිකව ඉල්ලා සටිමි.(6272827 )-2019 a/l (61978175)-2016 o/l යන පත්‍රිකා දෙක ගෙන්වා දෙන මෙන් ඔබ තුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
