ප්‍රතිඵල නිකුත් කරනු ලැබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා සිදුකළ බව කියන සිසුන් 207 කගේ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.
මෙම සිසුන්ට අත්අකුරු වෙනස්වීම, දුරකථන ළඟ තබා ගැනීම, අන්අය වෙනුවෙන් පෙනී සිටීම, අනන්‍යතාව තහවුරු නොකිරීම, අන් අයට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක් පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම සිසුන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර ඔවුන්ට එල්ල වන චෝදනාවල ස්වභාවය අනුව ප්‍රතිඵල අහෝසි කිරීම වසර කිහිපයකට විභාගවලට පෙනී සිටීම අත්හිටුවීම වැනි කි‍්‍රයාවලට මුහුණදීමට සිදුවන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේය.