විපක්ෂය මහමැතිවරණය පැවැත්විය නොහැකියි කියන්නේ ජනතාව අතරට යන්න තියෙන බිය නිසයි
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් හෝ මහා මැතිවරණය පැවැත්විය නොහැකි බවට විපක්ෂය විලාප නගන්නේ ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ විපක්ෂයේ උවමනාව මහා මැතිවරණය හැකිතාක් කල් දමා ගැනීම බවයි.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා හා නගර සභාවේ මන්ත්‍රීවරුන් සමග අද (25) උඩුගම්පළ දී පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.
උඩුගම්පළ ශ්‍රී ලංකා පොදුජන කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ,
" මම දැක්කා එක්සත් ජාතික පක්ෂය හා ජාතික සමගි බලවේගයේ උදවිය මාධ්‍යවල කියනවා මීටරයක දුර ආරක්ෂා කර ගනිමින් කොහොමද ඡන්දය දෙන්නේ කියලා. ඒ නිසා ඡන්දය කල් දාන්න ඕනේ කියලා. මේක මහා විහිලුවක්. ප්රජාතන්ත්රවාදයට ගරු කරනවානම් අපි බලන්න ඕනේ මේ වෙලාවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොහොමද ඡන්දය තියන්නේ කියන එක මිසක් කොහොමද ඡන්දය නොතියා ඉන්න කියන එක නෙමෙයි. මේ වෙනකොට සෞඛ්‍ය බලධාරීන් පවා කියලා තියෙනවා ඡන්දය තියන්න පුළුවන් කියලා. එතකොට කොමිසමත් අහලා තියෙනවා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඡන්දය පැවැත්වීම ගැන දේශපාලන පක්ෂ වල අදහස.
කොහොමත් ඡන්ද මධ්‍යස්ථානයකට ඇතුළුවිය හැක්කේ වරකට එක් අයෙකුට පමණයි. ඒ නිසා ඡන්දය මධ්‍යස්ථානවල දී මීටරයක දුර ආරක්ෂා කිරීම ගැටලුවක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජේ.වි.පි, දෙමළ ජාතික සන්ධානය කියන මේ රටට සතුරු බල වේගවලට අවශ්‍ය ඡන්දය කල් දාගන්න. මොකද මේ අයට ජනතාව ඉදිරියට යන්න බැරි නිසා. ඒ නිසා මේ උදවිය බලන්නේ කොක්කෙන් හරි කෙක්කෙන් හරි ඡන්දය කල් දාගන්නයි. යහපාලන ආණ්ඩුව බලය ඉන්නකම්ම බැලුවේ ඡන්ද කල් දාගන්න. එක්සත් ජාතික පක්ෂයට ජනතා විමුක්ති පෙරමුණට වගේම සජිත් මහත්තයා අටව ගත්ත සමගි ජන බලවේගයට තියෙන්නෙත් මැතිවරණ භීතිකාවක්.
සෞඛ්‍ය අංශ කියන පිළිවෙලකට මහා ඡන්දය පවත්වලා ගෝඨාභය ජනාධිපතිතුමාට වැඩ කරන්න පුළුවන් ආණ්ඩුවක් බලයට ගෙන ආ යුතුයි. පරණ පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ එජාපයට, දෙමළ ජාතික සන්ධානයට ජවිපෙත් ඩීල් දාගෙන ඒ අයත් එක්ක ඉන්නවා. පරණ පාර්ලිමේන්තුව නැවත කැදවුහොත් ගෝඨාභය රාජපක්ෂ - මහින්ද රාජපක්ෂ මහත්වරුන් ප්රමුඛ වත්මන් ආණ්ඩුව ගෙන යන මේ ජනතාවාදී වැඩ පිළිවෙලට විපක්ෂය අකුල් හෙළනවාමයි. ඒක ඉරහද වගේ විශ්වාසයි. ඒ නිසා විපක්ෂයේ නාඩගම්වලට ඉඩ දිය නොහැකියි”.

popular news
-
Don Monday, 25 May 2020 02:10 PM
අප්‍රියෙල් 20 දා 268 වුන ගණන අද 1141 ක්, දිනකට සාමාන්‍යය 32 කට වැඩි ගණනක් ආසධිතයෝ පරීක්ෂණ අඩුවෙන්ම කරලත් ඉන්නවා. මෙයාට ලොකුසහොදරයගේන්වත් අංක ගණිතය දැන්වත් ඉගෙනගත්තනම් හොඳයි. කටුනායක ඇරගෙන හිටියට නීරෝධයනය තියෙනකම් සංචාරකයෝ එන්නේ නෑ. කොච්චර උදුබුරු දැම්මත් වැඩක් නෑ.
Reply : 0 0
Dayan Monday, 25 May 2020 03:43 PM
එහෙම නොවෙය් තව මාස දෙක තුනක් ගිහාම ආණ්ඩුවට තරු පේනවා. එතකන් ඉන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

