විදුලිය බිඳවැටීමට හේතුව සේවක අත්වැරැද්දක් - ඩලස්ට ඉල්ලා අස්වීමට හේතුවක් නෑ
රට පුරා පසුගියදා සිදුවූ විදුලි බිඳවැටීමට හේතුව කෙරවලපිටිය බලාගාරයේ සේවකයන් අතින් සිදුවූ අත්වැරැද්දක් බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සිදුකළ මූලික විමර්ශන වලදී හෙළි වී තිබේ.
පසුගිය 17 වැනිදා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව පසුගිය 24 වැනිදා විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට භාර දෙනු ලැබිණි.
අදාළ වාර්තාව ඊයේ (26දා) විෂයභාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
එම කමිටු වාර්තාව පිළිබඳ අද (27දා) දිනයේදීත් විෂයභාර අමාත්‍යවරයා සහ විදුලිබල අමාත්‍යාංශයේ හා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර තවදුරටත් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
මේ අනුව කමිටු වාර්තාව පිළිබඳ නිල නිවේදනය හෙට (28දා) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තාවෙයි.
රට පුරා සිදු වූ විදුලිය බිඳ වැටීම අමාත්‍යාංශ නිලධාරීන්ගේ වරදින් සිදු වී තිබෙනවා නම් සිය තනතුරින් ඉල්ලා අස්වන බවට විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශයක් සිදුකර තිබූ අතර, අදාළ කමිටු වාර්තාවට අනුව අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට හේතුවක් නොමැති බව ද වාර්තාවෙයි.
popular news
-
Kithsiri Egodawatta Thursday, 27 August 2020 12:46 PM
This is regarding the article dated 27th August 2020, on Power Failure on 17th August 2020 It is stated that the reason was due to the workers in Kerawalapitiya Power Plant. However this should be corrected as an error happened at Kerawalapitiya Sub Station. On that day there were no any fault happened in Kerawalapitiya Power Plant. Plant Manager Kerawalapitiya Power Plant
Reply : 0 0
Demuni Uduwara Thursday, 27 August 2020 06:14 PM
Yes! Minister didn't disconnect power but an employee. But Minister should keep his promise live.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

