විජයදාසට දුන් රාජ්‍ය අමාත්‍ය ධුරය එපා කියයි
හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම මෙවර පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර, ජයග්‍රහණය කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තමන්ට ලබාදුන් රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කර ඇති බවට වාර්තා වේ.
මෙහිදී ඔහුට අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් ලබාදීමට නියමිතව තිබුණද, එම අමාත්‍යාංශය යටතට අයත් විෂය පථය ඉතාමත් සීමා සහිත වීම හේතුවෙන් ඔහු මෙසේ රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.
මේ අතර ඊයේ (12දා) දිනයේදී රාජ්‍ය අමාත්‍යවරුන් 40ක් දිවුරුම්දීමට නියමිතව තිබුණද, දිවුරුම් දුන්නේ අමාත්‍යවරුන් 39කි.
එහිදී අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැසට් කර තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් කිසිවෙකු පත්කර නොතිබිණි.
එම අමාත්‍යාංශය යටතට අයත්ව තිබුණේ ජාතික අධ්‍යාපන ආයතනය හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පමණි.
විජයදාස රාජපක්ෂ මහතා පසුගිය රජයන් කිහිපයකම ප්‍රභල අමාත්‍යාංශ දැරූ අතර, ඔහු මෙවර කොළඹ දිස්ත්‍රික්කයට තරග කරමින් මනාප 120,624ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ 04 වැනි ස්ථානය ලබාගනිමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
popular news
-
Dayan Thursday, 13 August 2020 12:07 PM
Government has assessed the capacities of the people before fixing the portfolios.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

