වැසිකිළි වලකට වැටී පාසල් සිසුවියක් මරුට
දෙල්ගොඩ, උඩුපිල, ඉසිගිලිකන්ද පුදේශයේ නිවෙසක වැසිකිලි වළක් තුළ ඇතිවු පීඩනයකින් ඵය වසා තීබු කොන්ක්රීට් ලෑල්ල පුපුරා යාමෙන් ඵම කොන්ක්රී ලෑල්ල මත සිටී 14 හැවිරිදි පාසල් දැරියක් ඊයේ (30දා ) පස්වරුවේ බරපතල ලෙස තුවාල ලබා මරු මුවට පත් වුවාය.
මෙම සිද්ධියෙන් මීය ගොස් ඇත්තේ ඇඔරලුව මිහිඳු කනිටු විද්යාල යේ 07 වන වසර පන්තියේ ඉගෙනුම ලැබු තක්ෂිලා දිනුෂි නමැති පාසල් දැරියයි.
මෙම අවස්ථාවෙ මිදුල අතුගාමින් සිටී ඇයගේ මව ද බරපතල ලෙස තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබුවාය.
වැසිකිළි වළ මීයන් විසින් හාරා දුගද හැමීමට පටන් ගෙන තිබු නිසා නිවැසියන් විසින් ඵම වැසිකිළි වළට කාබයිඩි දමා ඵහි හිල් වසා දැමීමෙන් පසුව පිපිරීම සිදු වි තිබෙන අතර ඵ් අවස්ථාවේ ඵම කොන්කිරිටි තට්ටුව මත සිටි මෙම පාසල් දැරිය ඵම තටිටුව කඩා ගෙන ඇතුලට වැටී ඇතැයි කියති.
ඵ් සමඟම අසල්වැසියන් ඵම ස්ථානයට පැමිණ දැරීය ගොඩට ගෙන ගම්පහ රෝහලට රැගෙන ගොස් ඇතත් ඵ් වන විටත් ඇය මිය ගොස් තිබෙන බව පැවසේ.
මෙම සිද්ධිය සම්බන්ධව මිගභවත්ත පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක නිශාන්ත හේරත් හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඵල්. ඵ්.විමලරත්න යන නිලධාරීහු වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.
මල්වාන ඩබ්ලිව් ඩී ඵමි විතානගේ/දෙල්ගොඩ පත්මසිරි රණතුංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

