කෝවිඩ් 19 තත්ත්වය නිසා තාවකාලිකව වසා දැමූ වැලිසර නාවික හමුදා කඳවුර හා රෝහලේ වැඩකටයුතු සෞඛ්‍ය උපදෙස් වලට අනුව මේ වන විට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා මහතා සඳහන් කළේය.
නාවික හමුදා රෝහල තුළින් මේ වන විට සාමාන්‍ය ප්‍රතිකාර සේවා ආරම්භ කර තිබෙන බවත්, කඳවුරේ රාජකාරී සාමාන්‍ය ලෙස සිදුකරන බවත් ඒ මහතා පවසා සිටියේය.
කෝවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් අටසිය අනූ නවයක් සුවය ලබා තිබෙන බවද සඳහන් කළේය.
වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාවට අනුව අද (16දා) දිනය වන විට කෝවිඩ් 19 ආසාදනය වී තිබූ නාවික හමුදා සාමාජිකයන්ගේ ප්‍රමාණය නවසිය හයකි.