වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමකදී , රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රන්ජන් යන අයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශකිරීම ලබන 12 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු අද(06) නියම කළේය.
මෙම නඩුවේ තීන්දුව ලියා අවසන් වුවද මුද්‍රණ දෝෂ සැකසීම සදහා කාලයක් අවශ්‍ය බැවින් තීන්දුව ප්‍රකාශකිරීම කල්තැබීමට සිදුව ඇතැයි විනිසුරුවරු පෙන්වා දුන්හ.
මහාධිකරණ විනිසුරුවරුන්වන ගිහාන් කුලතුංග, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.