මේ ආකාරයට රට ගමන් කළහොත් ලබන වසරේ ජනවාරි මාසය වන විට ශ්රී ලංකාවේ විදේශ විනිමය සංචිතය සෘණ අගයකට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
"මේක කියන්නේ බය කරන්න නෙවෙයි. අනාගත අනතුර හඳුනාගෙන ඒකෙන් ගැලවෙන්න පිළියම් හොයන්න. මේ යන විදිහට මුකුත් නොකළොත් ලබන ජනවාරි වෙනකොට අපේ විදේශ විනිමය සංචිතය සෘණ වෙන්න පුළුවන්.
එහෙම වුණොත් බොහෝදේ එක පාරටම කඩා වැටේවි. ඒක හිතන්නත් අමිහිරි සිදුවීමක් වෙන්න පුළුවන්. ඒක නිසයි, මම මේ ආර්ථික අර්බුදයේ දිග පළල හැමදාම විග්රහ කරන්නේ.
අපිට මේ අර්බුදයෙන් ගැලවෙන්න පුළුවන්. ඒකට මම විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. මම ආණ්ඩුවට වැඳල කියන්නේ "මම පොර" සීන් එකේ ඉඳල රට බංකොලොත් නම් කරන්නෙපා."