කන්නන්ගර - ගෙදර යැව්වා
පි .බී.කලුගල්ල - නැව් හොරා
සිරිමාවෝ බණ්ඩාරනායක - බින්දුමති
ගාමිණි දිසානායක - මහවැලි හොරා
මහින්ද රාජපක්ෂ - මහින්ද හොරා
අනගාරික ධර්මපාල තුමා - රට දාලා ගියා
මේ රටේ වැඩ කරන මිනිසුන් මිය යන තුරුම ඇගයීම ලක් නොවී බැනුම් ඇසීමට පත්ව ඇති බවත් එම තත්ත්වය වහා නැවැත්විය යුතු බවත් අවලාද නැගීමට මුහුණදීමට වැඩ කරන මිනිසුන් හුරුව විය යුතු බවත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (06දා) පැවසීය
එමෙන්ම අතීතයේ සිට මේ දක්වා වැඩ කරපු දේශපාලන චරිත වලට සමාජය ලබාදුන් තානාන්තර හා ආරූඪ කළ නාමලේඛනයක් ද මන්ත්‍රීවරයා එකදිගට ඉදිරිපත් කරමින් කියා සිටියේ එවැනි රටක දේශපාලඥයාට වැඩක් කොට හොඳක් ඇසීමට නොහැකි බවය.
දඹුල්ල ගම්මුදාව ප්‍රදේශයේ පිහිටි කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන ගිය මහ නගර සභාව දඹුල්ල බස් නැවතුම් පොළ භූමියේ දඹුල්ල මහ නගර සභාවට අයිති දෙමහල් ගොඩනැගිල්ලක ආරම්භ කිරීමරාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
"මේ රටේ බිහි වූ නායකයෝ එක එක කාලවල්වල සුවිශේෂී වූ කාරණාවන් ඉටුකළා, එවැනි සේවාවන් සිද්ධ කළ ද ජීවතුන් අතර සිටියදී හොඳක් අහපු දේශපාලඥයෙකු නැහැ, කන්නන්ගර මහත්තයා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ පියා, අද මිනිස්සු මල් තියලා වඳිනවා හැබැයි එදා කන්නන්ගර මහත්තයා ඡන්දයෙන් පරාජය කරලා රටේ මිනිස්සු ගෙදර යැව්වා.
ඒ වගේම පි .බී. කලුගල්ල මහතා මේ රටේ නැව් ජනසතු කරපු කෙනා ,නැව් රජයට ගත්තු ඒ මහා මහත්තයට රටේ ජනතාව දුන්න නම්බුව තමයි නැව් හොරා.
සිරිමාවෝ බණ්ඩාර බණ්ඩාරනායක මැතිනිය මේ රට ජනරජයක් කළා. පූර්ණ නිදහස මේ රටට අරගෙන දුන්නා. ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ පනත ගෙනාවා. ධනපතියන් ලද වලව්වල තිබුණු ඉඩම් පුංචි මිනිස්සුන්ට ලබා දෙන්න කටයුතු කළා.
එතුමියට ලැබුණු නම්බු නාමය තමයි බිංදු කුමාරි ,ඉඩම් හොරා ,ඒ වගේම ප්‍රජා අයිතිය අහෝසි කළා. ගාමිණී දිසානායක මහත්තයා මහවැලිය හැදුවා එතුමාට දුන්න නම තමයි මහවැලියේ හොරා.
මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ මහා සංවර්ධනයක් කළ. යුද්ධය අවසන් කළා. අවසානයේ දී ඔහුට දුන්නේ ගරු නම්බුව මහින්ද හොරා.
අනගාරික ධර්මපාල තුමා මිය ගියාට පස්සේ උත්සව තියෙනවා ගරු බුහුමන් කරනවා ජීවතුන් අතර ඉද්දි රටත් දාලා යන්න උනා . එතුමාට රටේ ඉන්න බැරි කළා . මියගියාට පසුව අද ජාතික වීරයෙක්.
මේ රටේ හොඳක් අහන්න නම් ගෞරවයක් ලබන්නනම් මැරෙන්නම්ම ඕන.එහෙම රටක් මේක. මැරුණට පස්සේ ගෞරවය දෙනවා නම්බුව තියෙනවා ගරු කරනවා එහෙම පරිසරයක් මේ රටතුල පවතින්නේ. තේරුම්ගන්න ඕන අපි මොනවා කළත් බැනුම් අහන එක සාමාන්‍ය දෙයක් විදිහට කල්පනා කළ යුතුයි."
