සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ඔවුන් හට ස්ථානමාරු ලබාදෙන බව පවසා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් ඊසි කෑෂ් ක්‍රමයට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
සෞඛ්‍ය අමාත්‍යාශයේ ලේකම්,අතිරේක ලේකම් මෙන්ම පළාත් සෞඛ්‍ය ලේකම්වරයෙකු ලෙස වරින්වර මෙම පෙනී සිටිමින් මෙම පුද්ගලයා අදාළ මුදල් වංචා සිදුකර තිබෙන බවත් සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාල වෙත දුරකතන ඇමතුම් ලබාදී ස්ථාන මාරු ඉල්ලුම්කොට ඇති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සියලු තොරතුරු ලබා ගැනීමෙන් පසු මෙම පුද්ගලයා එම නිලධාරිනියන්ගේ දුරකථන අංක වලට කතාකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු බව හඟවා මාරුව සකස්කර දෙන බව පවසමින් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන තිබෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.
මාරුව සකස්කර දීමට රුපියල් 25000.00 ක පමණ මුදලක් මෙම පුද්ගලයා ඊසි කෑෂ් ක්‍රමයට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් ලබාගෙන තිබෙන බවද පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
අදාළ ස්ථානමාරුව සිදුකිරීම ඉතාමත් අසීරු කරුණක් බවත් යම් මුදලක් වැය කිරීමට හැකි නම් එය කරගත හැකි බවත් කියමින් මෙම පුද්ගලයා පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් රවටා දිවයිනේ ප්‍රදේශ රැසක පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මෙම පුද්ගලයාගේ වංචාවට අසුව තිබෙන බවත් පොලිස් ස්ථාන ගණනාවකට සිදුකළ පැමිණිලි ඔස්සේ මේ වන විට පරීක්ෂණ සිදුකෙරෙන බවත් කොඩිතුවක්කු මහත්මිය පැවසුවාය.
