දිවයිනේ විවිධ ප්‍රදේශවල පොලිස් ස්ථාන වල ස්ථානාධිපති වරුන්ගෙ ව්‍යාජ ලෙස සැකසූ නිලමුද්‍රා විසිදෙකක් ඇතුළු නිලමුද්‍රා 75ක් සන්තකේ තබාගෙන සිටි පුද්ගලයෙක් නාරහෙන්පිට ගජබාපුර ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම සැකකරු සමඟ අත්අඩංගුවට ගත් අනෙකුත් නිලමුද්‍රා අතර මෝටර් රථ ප්‍රවාහන,දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරීන්ගේ නිල මුද්‍රා විවිධ ප්‍රදේශ නම් සඳහන් මුළු දිවයිනටම සාම විනිසුරු වරුන්ගේ නිල මුද්‍රා, ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිලමුද්‍රා ,ග්‍රාම නිලධාරීන්ගේ නිල මුද්‍රා මෙන්ම පොලිස් ස්ථාන වලින් නිකුත් කරන පැමිණිලි පිටපත් වල ඡායා පිටපත් කීපයක් ආදායම් බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ රියදුරු බලපත්‍ර ජාතික හැඳුනුම්පත් ඡායාපිටපත් කීපයක් පොලිස් භාරයට ගෙන ඇත
නාරහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිටුපස ගජබාපුර වත්ත ප්‍රදේශයේ නිවසක ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන යන බවට කොළඹ දකුණ කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් ඉන්ද්‍රජිත් ගිනිගේ මහතාට ලද තොරතුරක් අනුව එම නිවස වටලා සිදුකළ සිදු කළ පරික්ෂාවේදී නිවසේ කාමරයක් තුළ තිබූ මෙම ව්‍යාජ නිලමුද්‍රා තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරු මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත විවිධ අවශ්‍යතාවයන් සඳහා පැමිණෙන පුද්ගලයන් වෙත රාජ්‍ය ආයතන වලින් ලබා ගැනීමට තිබෙන ලිපි ලේඛන රුපියල් 2000 සිට ඉහළ මිල ගණන් අයකර ව්‍යාජ ලෙස සකසා ලබාදෙන බවට මූලික විමර්ශනවල විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
49 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බොරැල්ල පොලීසියට භාර දීමට නියමිතය.
