ව්‍යවස්ථාවට හෝ ජනතාවට අබමල් රේණුවක තරම්වත් වරදක් නොකරන බවත් ව්‍යවස්ථාව හා ජනතාව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.
සිය ධුරයේ වැඩ භාරගනිමින් අද (17) ඔහු මේ බව පැවසීය.
ජාතිය, ආගම, කුලය ගැන කතා කරමින් වසර 70ක් කාලය නාස්ති කොට ඇතැයි පෙන්වා දුන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ජාති, ආගම්, කුල, මල භේද නොමැති සශ්‍රීක රටක් උදා කිරීමට කැප වන්නේ යැයිද වැඩිදුරටත් පැවසීය.
අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යධුරයේ වැඩ බාරගැනීම නිමිත්තෙන් අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේ පිහිටි අධිකරණ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදී ඒ මහතා මෙසේ පැවසීය.
