විහාරාධිපතිගේ පිහි පහරින් තිදෙනෙක් රෝහලේ
පන්සල් ඉඩමේ වැටකට සහ පන්සලේ මිදුල අතු ගා ඉවත දමන කසළ වෙනත් ඉඩමකට දැමීයැයි කියන සිද්ධියකට ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් පන්සලේ විහාරාධිපති හිමියන් විසින් පිහියකින් ප්රහාර එල්ල කිරීම හේතුවෙන් තුවාල ලැබූ පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක්, ඔහුගේ බිරිඳ හා සහෝදරයෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර සිටිති.
පොලිස් කොස්තාපල්වරයා පන්සලේ ආවාස ගෙට පැමිණ තමන් වහන්සේට පහර දුන් බව පවසමින් විහාරාධිපති හිමියෝ ද තුවාල ලබා රෝහල්ගතව සිටින බව සීගිරිය පොලිසිය කියයි.
සීගිරිය ගෙඩිගස්වලාන පන්සලේ වැඩ සිටින හිටපු ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකු වු සීගිරියේ ධම්මින්ද හිමියන් මෙසේ තුවාල ලබා සිටිති.
ඊයේ (15දා) උදෑස 8ට පමණ විහාරස්ථානයට පැමිණි පොලිස් කොස්තාපල්වරයා පන්සල සතු ඉඩමේ වැටට සහ පන්සලේ කුණු තම ඉඩමට දැමිම නිසා පන්සලේ විහාරාධිපති හිමියන් සමඟ ආරවුලක් ඇති කොට තිබෙන බවත් පසුව දෙදෙනා අතර ගැටුමක් ඇතිව තිබෙන අතර පසුව කොස්තාපල්වරයගේ බිරිඳ සහ සහෝදරයා ද පැමිණ ඇති බව පොලීසිය කියයි. සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව සීගිරිය පොලිසිය කියයි.
කාංචන කුමාර ආරියදාස
popular news
-
Champa Sunday, 16 September 2018 02:24 PM
ලැජ්ජයි. බුද්ධාගම පරිස්සම් කරගන්න ඕනේ හාමුදුරුවරුන්ගේන්මද කියලා අස්ගිරියේ මහනායක හාමුදුරුවෝ ඊයේ කිව්වහම මගේ හිත ටිකක් නරක වුන. හැබැයි මේවා ඇහැව්වහම නම් හිතෙන්නේ ඒ කතාව කොච්චර ඇත්තද කියලා. නා නා ප්රකාර මිනිස්සු, හොරු, අපරාධකාරයෝ, තව එක එක ජාතියේ මිනිස්සු සිවුරු පොරොව ගෙන හාමුදුරුවරු වෙලා තියෙනවා නමට. සමහර වෙලාවට හිතෙනවා උවමනාවෙන්ම මහා සංඝ රත්නයේ නම කතා කරන්න සංවිධානාත්මකව කරන කුමන්ත්රණයක් තියෙනවද කියල. බුදු දහම පිළිපදින නියම හාමුදුරුවරු හඳුනා ගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. අස්ගිරියේ හාමදුරුවෝ කිව්වට නිශ්ශබ්දව ඉඳලා නම් බැහැ. බුදුදහම කියන්නේ සංඝයාගේ විනය සහ සංවරශීලි බව ඉහලින්ම සලකන පිළිපදින ආගමක්. ඒ හින්දා සිවුරු පොරව ගත්ත ගිහියන්ට සාසනය විනාස කරන්න ඉඩ දීල බලා ඉන්න එක හරි නැහැ.
Reply : 0 0
rocky Sunday, 16 September 2018 02:40 PM
මේ වගේ ච්වර ධාරීන් ගැන නායක හාමුදුරුවරුන්ට කියන්නන දෙයක් නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

