වෝහාරික වාර්තාවට මුවා වෙලා උත්සාහ ගන්නේ බැදුම්කර වංචාව යට ගහන්න - කාංචන
වෝහාරික වාර්තාවට මුවා වි බැදුම්කර වංචාව යට ගැසිමට උත්සාහයක් ඇති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඊයේ (26) මාතර, වල්ගම ප්‍රදේශයේ පැවති ජනහමුවකදි ඔහු මේ බව පැවසිය.
එහිදි අදහස් පලකල ඒ මහතා ,
‘‘මේ දවස්වල අපි දැක්කා මාධ්‍ය වල යනවා ජනතා විමුක්ති පෙරමුණ මාස 2කට පස්සේ ආයේ මාධ්‍ය සාකච්ජා වලට ඇවිත් තියෙනවා. මාස 2ක් කොහේ ඉන්නවද කියලා හොයාගන්න බැරිව හිටියේ. දැන් අර බැදුම්කර ගනුදෙනුව පිළිබඳව වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එකේ පිටුවක් අල්ලගෙන ජනතා විමුක්ති පෙරමුණ දවස ගානේ මාධ්‍ය සාකච්ජා තියනවා. එහෙම කරලා මොනවද කියන්නේ අර්ජුන මහේන්ද්‍රට වැඩිය හොරකම් මහින්ද රාජපක්ෂ කාලේ සිද්ධ වෙලා තියෙනවා කියලා කියනවා. ඒ සමාජගත කරන බොරුවට හසුවෙන්න එපා. බැදුම්කර වංචාව පිළබඳව අපි දැනගත්තේ 2015 ජනවාරි 8 වෙනිදා අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස් සහ රනිල් වික්‍රමසිංහ එකට එකතු වෙලා කරපු මහා බැංකු මංකොල්ලයෙන් පස්සේ. මේ බැදුම්කර වංචාවක් වෙලා කියලා කියන්නෙ ඇයි. ක්‍රමවේදයේ වැරැද්දක් තියේනම් නඩු දාන්න ඕන. අපේ කාලේ වංචාවක් වෙලා තියෙනම් සංවිධානාත්මකව කරලා තියෙනම් නඩු දාන්න ඕන. අපි ඔවුන් වෙනුවෙන් පෙනි ඉන්නෙ නැහැ. හැබැයි අපේ කාලේ මොකද වෙලා තියෙන්නේ බැදුම්කර නිකුත් කරන්නේ අර්ථසාධක අරමුදලට, සේවා අර්ථසාධක අරමුදලට සහ රාජ්‍ය බැංකු පද්ධතියට. එකෙන් ලාභ ලබපු බැංකු තියෙනවා අලාභ ලබපු බැංකු තියෙනවා.
මේ වාර්තාව හදනකොටත් තව වංචාවක් වෙලා තියෙනවා. මේ රටේ විගණකාධිපති කෙනෙක් ඉන්නවා. එතුමා වාර්තාව නිකුත් කරලා තියෙනවා. ඒක මේ වාර්තාව පාදක කරගෙන අලූතින් නිකුත් කරපු වෝහාරික විගණන වාර්තාවක් වෙනුවෙන් ලක්ෂ තුන්දහසක් මහ බැංකුවේ මුදල් වැය කරලා තියෙනවා අලූත් වෝහාරික වාර්තාව හදන්න. ඒ වාර්තාව හැදුවේ වෙන කිසිවක් නිසා නෙමෙයි වසරක කාලයක් හොරුන්ට නිදහසේ ඉන්න දෙන්න කාලය හදාගන්න පමණයි. අද වුනත් වසරක් තිස්සේ ඔවුන්ට නඩු පැවරුවේ නැහැ. අද වෙන්නේ මහා බැංකු බැදුම්කර වංචාව පැත්තකින් තියලා වෙනත් පුද්ගලයන් දඩයම් කරන්න උත්සාහ කරනවා. එහෙනම් අද වෝහාරික විගණන වාර්තාවට මුවා වෙලා උත්සාහ කරනවා බැදුම්කර වංචාව යට ගහන්න . මම අපේ රජයෙන් ඉල්ලිමක් කරනවා අපේ ආණ්ඩුව කාලේ වරදක් වෙලා තියෙනම් නීතිය කි‍්‍රයාත්මක කරන්න කියලා ’’ යැයි විජේසේකර මහතා වැඩිදුරටත් පැවසිය .

popular news
-
Kumar Monday, 27 January 2020 10:18 PM
ලංකාවේ ඇමැතිතුමාලා කියන්නෙ අරුමපුදුම කථා මේ දිනවල තිබෙන්නේ ඒ අයගේ ආණ්ඩුව නේද. දැන් කරනවා වගේ ඕන කෙනෙක් අත්අඩංගුවට ගන්න බැරිය. බොරුවට මහජනයා රවටන්න කථා කියනවා. නීතිපතිට කිව්වනම් දැනටමත් අත්අඩංගුවට අරගෙන ඉවරයි. මම දැන් ජිවත් වෙන රටේ හෝ මම පාසල් ගිය රටෙවත් මේ වැනිදේ සිදුවී නැත.
Reply : 0 0
susantha Tuesday, 28 January 2020 10:23 AM
ඉතින් තව කයිවාරු ගහන්නේ නැතිව ඉක්මනට නඩු දානවකෝ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

