වාහන හා සුඛෝපභෝගී භාණ්ඩ භාවිතය සීමා කරන්න ඕන - මංගල
මෑත ඉතිහාසයේ රුපියල අවප්‍රමාණය වූ ඉහළම අගය වාර්තා වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළදී බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ එම කාලසීමාවේදි රුපියල ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් වැනි විශාල මුදලක් යෙදවූවත් එය පාලනය කර ගැනීමට අවස්ථාවක් නොලැබුණ බවයි.
“ අද ලෝකයේ ඇතිවී තිබෙන නව තත්ත්වයන් හරහා පරිවර්තනයන් ඇතිවෙමින් තිබුණත් අපි ශක්තිමත්ව ආර්ථිකය ඉදිරියට ගෙනි යනවා.
අපේ ආර්ථිකය අවුරුදු 60 ගණනකට පසුව මේ වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පෙන්වූවා. ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් අපනයනය කළේ පසුගිය වසරේදීයි.
ඉතිහාසයේ වැඩිම මුදලක් සෘජු විදේශ ආයෝජන ලෙස ලැබුණේ පසුගිය වසරේදී. උද්දමය අඩු මට්මකින් පවත්වාගෙන යනවා. රුපියල අවප්‍රමාණය වීමෙන් අපහසුතා ඇතිවෙනවා. ඒක මම පිළිගන්නවා. මේ හේතුවෙන් ගොඩක් දුරට බලපාන්නේ පිටරටින් එන භාණ්ඩ වලට.
ඒ නිසා අපි හැකිතාක් දුරකට වාහන ගෙන්වීම සීමා කරන්න ඕන. පිටරටින් සුඛෝපභෝගී භාණ්ඩ පාවිච්චිකරන එක අඩුකරගන්න ඕන. හැකිතාක් දුරට දේශීය කර්මාන්තවලට නව ජවයක් දෙන්න පුළුවන්.”

popular news
-
Deepal Nirosh Wednesday, 26 September 2018 02:14 PM
ඉතින් ඔය ක්රමයම නේද 1970-77 කාල වකවානුවෙ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය අනුගමනය කළේ? ඒක එපා කියලනෙ තමුන් දැන් ඔය නියෝජනය කරන පක්ෂය 1977 දි රටට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නෙ. ඒ ක්‍රමය නිසයි රටට අවශ්‍ය / අනවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ අඛණ්ඩව ගලාගෙන එන්න පටන් ගත්තෙ. අද මිනිස්සුන්ට හැදිල තියන වාහන පිස්සුවත් ආරෝපණය වෙන්න පටන් ගත්තෙ 1977ට පස්සෙයි. අවුරුදු 40කට පස්සෙ දැන් ද තේරෙන්නෙ?
Reply : 5 11
Lanka de silva. Thursday, 27 September 2018 02:52 PM
මේ මිනිස්සු කට ඇරියෝත් කියන්නේ අමුලික බොරැ.මුන්ට රැවටුනු කාලය ඉවරයි.අද රටේ මිනිස්සු සුලු පිරිසක් ඇරෙන්න අනිත් හැමොම දැනුවත්. අමන දේශපාලුවන් රට කෑව මිසක් හැදුවේනම් නැහැ...
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

