වුහාන් ගිය ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලයට පැසසුම්
චීනයේ වුහාන් සිට ශ්‍රී ලාංකේය සිසුන් ආපසු ගෙන්වා ගත් මෙහෙයුමේ නිරත ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය කෘතඥතාව පළ කර තිබේ.
මෙම ගුවන් මෙහෙයුම ජනාධිපති ගෝඨභයා රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිදුකර ඇති අතර, යූඑල් 1423 ගුවන් යානය කොළඹ සිට වුහාන් දක්වා ගොස් සිසුන් රැගෙන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස්සේය. ඒ අනුව, නිරෝධායන ක්‍රියාවලිය සඳහා එම සිසුන් සෞඛ්‍ය බලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු අනෙකුත් අදාළ ආයතනවල භාරයට භාරදීම සිදුකර ඇත.
මෙම මානුෂීය මෙහෙයුම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්, චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපතිවරයා, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, චීන රජය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන හා විශේෂ නිලධාරීන් රැසක් තම උපරිම දායකත්වය ලබාදී තිබුණි.
මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සිය ජීව වෛද්‍ය ආධාරක කණ්ඩායම මත්තල ගුවන්තොටුපොළට එවමින් ශ්‍රීලංකන් ගුවන් සේවයට අවශ්‍ය සියලු පහසුකම් සැලසූ අතර එම සහයෝගය ද මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා විශාල පිටුවහලක් විණි.











popular news
- 
                            
jayatha ranathunga Sunday, 02 February 2020 05:51 AM
හරි ආඩම්බරයි දරුවෙනි නුබලා ගැන . ඒ සත් කටයුත්ත සදහා ඉධිරිපත් වී මෙන් නුබල abiitha සෙන්පතියන් බව සනාත කර ඇත . නුබලාට තෙරුවන් සරණයි
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                