වසර 13කට පසු වෞර රැජිනගේ ඝාතකයන්ට චෝදනා ගොනුවේ
පූලාන් දේවී හෙවත් වඩාත් ප්රකට 'චෞර රැජින'ගේ ඝාතකයන්ට වසර 13කට පසු චෝදනා ගොනුවී ඇති බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
38 හැවිරිදි පූලාන් දේවිය 2001 වසරේදී දිල්ලි නුවර පිහිටි ඇයගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ෂෙර් සිං රානා නමැත්තා එවකට අත්අඩංගුවට පත්විය.
2004 පෙබරවාරි මාසයේදී දිල්ලි නුවර අධි ආරක්ෂිත සිරමැදිරියකින් පළා ගිය මොහු, 2006 වසරේදී නැවත අත්අඩංගුවට පත්විය. ඒ අනුව, ඔහුට එරෙහිව තීන්දුව ප්රකාශයට පත්කිරීම ලබන සඳුදා සිදුවනු ඇති අතර, සෙසු සැකකරුවන් 10 දෙනා නිදහස් කර ඇත.
ඉන්දියාවේ වඩාත් ප්රකට දේශපාලන චරිතයක් බවට පත්වූ පූලාන් දේවිය, 'චෞර රැජින' යන නමින් ප්රකට වූයේ දේශපාලනයට ප්රවිශ්ඨ වීමට පෙර ඇය වසර ගණනාවක සිට අපරාධවලට සම්බන්ධව සිටි බැවිනි.
1996 වසරේදී 'බැන්ඩිට් ක්වීන්' නමින් ඇයගේ ජීවිත කතාව අලලා චිත්රපටයක්ද නිර්මාණය විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

