වසර අවසානයට පෙර ආණ්ඩුව පිපිරියාමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ආණඩුවේ පිපිරිම හමුවේ ජනතාව රැක ගැනීමට සිටින එකම නායකත්වය සහිත පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් යැයිද ඒ මහතා සඳහන් කලේය.
එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරි හමුවකට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා සඳහන් කරනුයේ පක්ෂයක් ලෙස විවිධ අභියෝගයන්ට මුහුණ දුන් නමුත් පක්ෂය ශක්තිමක් කිරීම සඳහා මේ වන විට බොහෝ පාර්ශයන්ගෙන් සහය ලැබෙමින් පවතින බවයි.
තවද මෙම වසර එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක වසරක් බවට විජයවර්ධන මහතා පැවසීය.