වල් ඌරු මස් ප්‍රවානයට හා අළෙවියට ඇති තහනම් ඉවතට?
වල් ඌරු මස් ප්‍රවාහනයට හා අලෙවි කිරීමට ඇති තහනහම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙ අවධානය යොමුව තිබේ.
ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සැලසුම්කර තිබේ.
මේ වන විට කෘෂි භෝග වගාවන් සඳවා වැඩිපුරම හානි ගෙනෙන සත්වයා බවට වල් ඌරන් පත්ව තිබේ.
එම හානියන් අවම කිරීමට අදාළව මෙම තහනම ඉවත් කිරීමට නියමිතය.
මේ අනුව වල් ඌරන් ඝාතනය කිරීම වැඩි වෙනු ඇතැයි සතුන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සඳහන් කරයි.
popular news
-
rocky Friday, 21 September 2018 05:55 PM
වැවු තාවලු වල තියන හෝටල් වලට නීත්‍යානුකුලව දැන් හම්බු වෙයි .. බඩු ඕන තරම්! උරා කියන්නේ බොහොම ගරු කල යුතු සුපිරි සත්වයෙක් . මහසොහොනාගේ වෙළඳ ලකුණත් ඌරා ය. වෙන සතුන්ගේ සරීරෙ තියෙන්නේ එක මස් ජාතියකි. එහෙත් ඌරා වනාහි, හැම්, බේකන්, ලිංගුස්, ස්ට්රීකි බේකන්, විවිධ මාන්ස සහ වර්චස් ආදිය අඩංගු තවත් දෙතිස් කුනපයකි. එහෙම වුනත් ගැහැණු ළමයි ඌරාගේ වලිගයට කොච්චර කැමතිද කියනවා නම් පිග් ටේල් කියලා එකක් ඔලුවට හයි කර ගන්නවාය! වල් ඌර් .. බින් හාර්' කියලා ඉංගිරිසියෙනුත් කීමක් තියනවාය!
Reply : 0 0
Champa Saturday, 22 September 2018 05:29 AM
Oh, මේ මොකක්ද? මස් කඩ වලට අධිපති ඇමති කවුද? මට මතක නැහැ ඇමතිවරු කවුද කවුද කියල. දෙයියනේ සල්ලි වලට මොන තරම් හිඟා කනවද කිව්වොත් බොරුවක් දාල වල් ඌරෙක් හරි මරාගෙන විකුණලා සල්ලි හම්බ කරන්න යනව. මට වචන නැහැ කියන්න. තොපි කන්නේ වල් ඌරු මස් විතරද? ඇයි රිලව් වඳුරෝ ලේන්නු කන්නේ නැත්ද? මස් වැද්දෝ.
Reply : 0 0
සෙනෙවි Sunday, 23 September 2018 05:16 PM
"යහපාලනය" වනජීවීන්ටත් "යමපාලනයක්" වී ඇති හැඩයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

