වල් ඌරු මස් තහනම ඉවත් කිරීම ගැන අමරවීර සහ ෆොන්සේකා අතර සාකච්ඡා
වල් ඌරු මස් ප්‍රවාහනය හා අලෙවි කිරීමට ඇති තහනම ඉවත් කිරීමේ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සමග තවදුරටත් සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ සාකච්ඡාව මෙම සතිය තුළදී කඩිනමින් සිදු කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපේක්ෂාවෙන් පසුවන බවද සඳහන් වේ.
වල්ඌරු මස් ප්‍රවාහනය හා අලෙවියට ඇති තහනම ඉවත් කිරීම සඳහා මේ වනවිට සකස් කර අවසන්ව ඇති කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ වැඩිදුරටත් විෂය සමගාමී අදාළ රාජ්‍ය ආයතන හා සාකච්ඡා කිරීම තුළ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමත්, එසේම, වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳ ගොවීන් විසින් ඉදිරිපත් කර ඇතැයි පැවසෙන පැමිණිලි සම්බන්ධයෙන්අවධානය යොමු කිරීමත් මෙම සාකච්ඡාවේ අරමුණ වන බවද වාර්තා වේ.
කෙසේ වුවද මේ පිළිබඳ 'අද' කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ වල්ඌරා, වඳුරා හා රිලවා යන සතුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන් ගොවීන් දැඩි අර්බුදයකයකට ලක්ව ඇති බවයි. ගොවීන් හා සතුන් යන දෙකොට්ඨාසයම ආරක්ෂා කර ගනිමින් ගැටලුවට විසඳුම් සෙවීමට උත්සාහ දැරුවද එම සියල්ල ව්‍යර්ථ වූ බවත්, ඒ අනුව මේ වනවිටත් ආරක්ෂිත සතුන් නොවන එම සත්ත්වයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

popular news
- 
                            
rocky Tuesday, 02 October 2018 06:31 PM
අර ලොක්කන්ගේ ලොක්කිලාගේ හෝටල් වලට එන සුද්දන්ට `වල ඌරා මශී` සංග්‍රහ කරන්න කපා ගත්තු පාරට අවහිර කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න පුළුවනි.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                