වර්ථමානයේ පවතින ආර්ථික අර්බුදය වත්මන් ආණ්ඩුව ඇතිකරගත් ආර්ථික අර්බුදයක් බවය කවුරුන් හෝ විග්රහ කරන්නේ නම් එය ඉතාමත් පටු අර්ථකතනයක් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ 14 වැනි දිනය සඳහා අද (08දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
මේ අතර කර්මාන්ත අමාත්‍යාංශය වර්ථමානයේ ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බව සඳහන් කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා,
කිසිදු ත්රස්තවාදයක් නොමැති රටක් 2015 ආණ්ඩුවට ලැබුනේ. 6%ට වඩා වැඩි ආර්ථික වේගයක තිබුණු රටක් 2019 අපිට භාර ෙදනකොට ආර්ථික වර්ධන වේගය 2.5% වට්ටලා, නොතිබුණ ත්‍රස්ථවාදයක් උපත ලබලා දීලා තමයි තමුන්නාන්සේලා අපිට මේ රට දුන්නේ. ඒ ගත්ත දවසේ ඉදලත් ලෝක වසංගතයකට මුහුණ දෙමින් තමයි අද මේ රට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් නායකත්වය දීලා මෙහෙයවනු ලබන්නේ. විපක්ෂයට මේ කිසිවක් සැලකිල්ලට නොගෙන කතා කරන්න පුලුවන් වුනාට මේ රටේ ඒ ෙඑතිහාසිකව ඇතිවුනු තත්ත්වයන් පිළිබඳ අවබෝධය තිබන මහජනයා මේ තත්ත්වය දිහා පුලුල් විදියට බලන විදිය අපි දන්නවා.
අපි පසුගිය වසර දෙක තුල ගෝලීය වසංගත තත්ත්වය යටතේත් මේ රටේ කර්මාන්ත කරනයේ බලවත් පියවර කිහිපයක් තබන්න පුලුවන් වුනා කියන එක මම මේ අවස්ථාවේ ආරම්භක වශයෙන් කියන්න කැමතියි. දැනටමත් අපි ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටිනවා. අපි බලාපොරෝත්තු වෙනවා ලබන අවුරුද්දේ මැද භාගය වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරන් ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය සභාවේ අනුමැතියට ඉදිරිපත් කරලා ඒක නීතියක් බවට පත් කර ගන්න.
අපි දන්නවා අද මේ රටේ මුහුණ දීලා තිබෙන තත්ත්වය. කවුරු හරි විග්රහ කරනවා නම් වර්ථමාන ආණ්ඩුව ඇති කර ගත් ආර්ථික අර්බුදයක් කියලා ඒක ඉතාමත් පටු අර්ථකතනයක්. මේක දශක කිහිපයක් ආපු ගමනක තර්කානුකූලව මුහුණ දෙන අර්බුදයකට තමයි අපි අද මුහුණ දීලා ඉන්නේ. ඒ නිසා අවුරුදු 2ක් ඇතුලත මේ ආර්ථිකය වැට්ටුවා කියලා කියනවා නම් ඒක පිළිගන්න පුලුවන් කාරණයක් නෙවෙයි. යනුවෙන්ද සඳහන් කළේය.