වර්ථමානයේ අධ්‍යාපනය මුදල් මත රැඳී තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසීය.
ඒ අනුව උපකාරක පන්ති වලට දරුවන් යොමු කළේ නැතිනම් විභාග වලට පෙනී සිටීමට නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව 2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ අටවන දිනය සඳහා අද (01දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය,
මේ රටේ වර්ධනය වෙමින් පවතින ඇති නැති පරතරය වෙනස් කිරීමෙ අවශ්‍යතාවය ඇමතිවරයා මතක් කළා. මේ පරතරය සහ අධ්‍යාපනයේ තිබෙන විශමතාවය අධ්‍යාපන ක්‍රමවේදයේ දශක ගණනාවක් තිබෙන ඉතාමත් දරුණු ප්‍රශ්නයක්. විශේෂයෙන් පාසල් අතර දරුණු විශමතාවයක් තිබෙනවා. මම ඇත්තටම පුලුම වුනා අයවැය කතාවට ඇහුම්කන් දෙනකොට, මෙම අසමානතා අවම කිරීමට ඉදිරිපත් කරලා තිබෙන එක යෝජනාවක් තමයි සෑම දිස්ත්‍රික්කයකම පාසල් අතර විශමතා අවම කිරීම සඳහා නවීන පන්නයේ ජාත්‍යන්තර පාසල් වලට විශේෂ බදු සහන සහ ඉඩම් ලබා දීමේ යෝජනාවක් මේ අය වැය ලේකනය තුල තිබෙනවා. ඇත්තටම ජාත්‍යන්තර පාසල් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීම තුලින් මේ පාසල් වල තිබෙන අසමානතා වලට කොහොමද ඒක ප්‍රයෝජනයක් වෙන්නේ කියන එක ඇත්තටම විශාල ප්‍රහෙලිකාවක්. කොතරම් අපි නිදහස් අධ්‍යාපනය ගැන කතා කළත් මේ මොහොතේ මුදල් මත තමයි අධ්‍යාපනය රැදෙන්නේ. ටියුෂන් වලට ගියේ නැතිනම් විභාග වලට පෙනී සිටින්න බැරි තත්ත්වයක් අද තිබෙන්නේ. මේවට තමයි අපිට විසඳුම් අවශ්‍ය.
දශක ගණනාවක සිට අධ්‍යාපනයට වෙන්කරන මුදල සතුටුදායක නෑ. ඒක එන්න එන්නම අඩුවෙලා තිබෙනවා. මේකේ ප්රතිවිපාකය මොකක්ද කියලා හිතන්න ඔ්නී. මේ වන විට රජයෙන් කරන මුදල් සංවර්ධනයට ඉතාමත් අඩු ප්‍රමාණයක් තිබෙන්නේ. අද වන විට උසස් අධ්‍යනය ලබා දෙන රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විශාල ගණනාවක් තිබෙනවා. මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව වෙන අමාත්‍යාංශ වලිනුත් උසස් අධ්‍යාපන ආයතන වගේම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනවා. යනුවෙන්ද සඳහන් කළාය.