ව්‍යවස්ථාදායක සභාව නිසා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වුණා
ව්‍යවස්ථාදයක සභාව නිසා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (25දා) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රටේ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. ස්වාධීන අධිකරණයක් පිහිටුවා තිබෙනවා. අද විපක්ෂය ව්‍යවස්ථාදයක සභාවට එරෙහිව කතා කරන්නේ පසුගිය දා ලබුණු සාධාරණ තීන්දුව ඉවසා ගත නොහැකි නිසයි.
පසුගිය රජය සමයේ තනතුරු පත් කළ ආකාරය ජනතාවට අමතක වී නෑ. වත්මන් රජය යටතේ ව්‍යවස්ථාදායක සභාව මඟින් සියලු පත්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිදු කරනවා. අවසන් තීරණය පාර්ලිමේන්තුව සතුයි”
popular news
-
Champa Saturday, 26 January 2019 12:01 PM
ව්‍යවස්ථාදායක සභාවේ හැමෝම දේශපාලන ලකුණු දරන කොට කොහොමද ඒක ස්වාධීන වෙන්නේ? දැන් අහන්නේ වෙන කතාවක් ගැන. මාධ්‍ය මර්ධනය කරන කොට වෙබ් අඩවිත් මර්දනය කරනවද? විමල්ගේ වෙබ් අඩවිය suspend කරලා තියෙනව දැක්ක. ලංකාවේ කිසි දෙයක් දේශපාලන අතකින් නැතුව සිද්ද වෙන්න නැහැ. හරියට තෝර ගන්න බැහැ ඕක කෙරෙව්වේ රාජපක්ෂලද ආණ්ඩුවද කියලා. මට ගහන්න ඕනේ වුනහම රාජපක්ෂ මහත්වරු ගහන්නේ විමල්ට. මේ දවස් වල දිගටම විමල් පාර්ලිමේන්තුවේ කැහැගහන නිසා ආණ්ඩුව පලියක් ගත්ත නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදීද?
Reply : 0 0
Deepal Nirosh Sunday, 27 January 2019 11:21 AM
ඒ ආරක්ෂාව නිසා ද මහජන ඡන්දයෙන් බලයට පත්වෙච්ච ජනාධිපතිවරයට තමන් නිර්දේශ කරන සුදුස්සෙක්වත් වගකිවයුතු තනතුරකට පත් කර ගන්න ඉඩ දෙන්නෙ නැත්තෙ? ප්රාතන්ත්රවාදය කේසේ වෙතත් ප්රෝඩාතන්ත්රාදය නම් හොඳට ආරක්ෂා වුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

