විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝග
වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුව හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.
ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අධිකරණමය නීතිමය කාර්යක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට සැකකාර රන්ජන් රාමනයාක මන්ත්‍රිවරයා සමඟ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබේ.
ඒ අනුව එම විනිසුරුවරයා සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමෙන් පසු වරෙන්තුවක් ලබා ගැනීමට පියවර ගෙන නියමිත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇත.
popular news
-
එම්.ඒ. ජේ Friday, 24 January 2020 10:13 AM
රට දැඩි සමාජ-දේශපාලන අර්බුදයකට ලක්වීමකට සහ කඩා වැටීමකට මුහුණ දෙමින් ඇත. දැනට රටේ ඇත්තේ අරාජීක තත්වයකි, නායකත්වයක් නැත. පොදුවේ රටේ ජනතාවට එදි නෙදා ජීවිතයේදි මුහුණ දීමට සිදු ඇති ගැටලු දිනෙන් දින තිව්ර වේ. එවන් තත්වයක ඉතාම පටු දේශපාලන සහ පුද්ගලික වුවමනාවන් වලට රටේ පාලකයින් කිහිප දෙනෙකු මුල් තැන දී ඇති බව මෙවැනි සිදුවීම් වලින් මනාව පැහැදිලි වන අතර බොහෝ පෞද්ගලීක කොන්තර පිරි මසා ගැනීමට එකි නෙකා පොර කන අතර. දේශපාලකයා සහ රාජ්‍ය නිලධාරීන් ඇතැම් රූපවාහිනි නාලිකා අයිති කරුවන්ගේ එහෙයියන් වී ඇත!!! රටේ රාජ්‍යක් හෝ ආණ්ඩුවක් හෝ විපක්ෂයක් නොමැති අද, බලය ඇති කිහිපදෙනෙක් පාලු ගෙවල් වල වලං බිඳින ස්වයං වින්දනයේ යෙදේ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

