උඩරට ගොවීන් මෙන්ම සාමාන්‍ය ජනතාවත් දැඩි පීඩාවට ලක්ව ඇති වනසත්ව හානිය වැළැක්වීම සඳහා රජය මැදිහත් වි වහාම විසඳුමක් ලබා දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසයි.
මහනුවර අද (28) වනදා පැවැත්වූ මාධ්‍ය හමුවේදි ලාල්කාන්ත මහතා මේ බව පැවසීය.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වූ කේ.ඩී.ලාල්කාන්ත මහතා ,
“වනසතුන්ගෙන් ඇති වෙලා තියෙන ප්රශ්නය අද වගාකරුවන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. වනසතුන් ලෙස කිව්වහම ප්‍රධාන වශයෙන් ඌරන්ගෙන් ඉත්තෑවන්ගෙන්, රිළවුන්ගෙන් දඩු ලේනුන්ගෙන් වගාකරුවන්ට පමණක් නොව සමස්ත ජනතාවටම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ගෙදරක දොරක් ඇරල තියාගන්නවත් කෑමක් බීමක් තියාගන්නවත් බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේක පාලකයින් බලධාරින් නොසිතන මට්ටමේ බරතපතළ ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා . මේ සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා අපට කරුණු කියනවා. ප්‍රදේශයේ ජනතාව කරුණු කියනවා. සාදික්කා ඇතුළු සුළු අපනයන භෝග වගාව කර ගන්න බැරි තත්ත්වයටම පත් වෙලා තියෙනවා.
අලුතින් පැළයක් හදා ගන්න බෑ. මේ ගැටලුවට වහාම උත්තර හෙව්වේ නැත්නම් අලුතින් වගා කිරිම ගැන හිතන්නවත් බැරි තත්ත්වයක් ඇති වෙනවා. අවුරුදු තුනක් හතරක් වගේ වැඩුණු සාමාන්‍ය ප්‍රමාණයේ පොල් පැළ පවා විනාශ කර දමන තත්ත්වයට පත් වෙලා තියෙනවා. නමුත් කිසිම වැඩසටහනක් මේ සම්බන්ධයෙන් ක්රීයාත්මක වන බවක් අපට පෙනෙන්න නෑ. මල් ගහක්වත් හදා ගන්න බෑ .මේ ප්රශ්නය සම්බන්ධයෙන් පාලකයින්ගේ අවධානය යොමු කරන්න ඕන කියලා අපි කල්පනා කළා. මේ සම්බන්ධයෙන් රට තුළ හඬක් නැංවීම අත්‍යාවශ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා . ප්‍රාදේශිය සභා තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නෑ මේවා සම්බන්ධයෙන්. නගර සභාව තියෙනවා ක්‍රියාත්මක වෙන්නේ නෑ. පළාත් පාලන ආයතනවල විෂයයට මේවා අදාළයි. වනජීවිය මේකට ප්‍රබල මැදිහත්වීමක් වන බවක් පේන්න නෑ. මේ සම්බන්ධයෙන් පාලකයින්ට අප ළඟ තියෙන යෝජනාව තමයි පාලකයින්ට පුළුවන්කම තියෙනවා මේ සඳහා සුදුසු විද්වත් ආයතනයක් ඇති කරන්න. රජයේ මේ සම්බන්ධයෙන් තියෙන ආයතන ඒකාබද්ධ කරලා යම් ආයතනයක් ගොඩනගන්න පුළුවන්. පරිසර සංවිධාන මේ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වුවත් ඔවුන් වගාව පැත්ත බලන්නේ නෑ. ඔවුන් බලන්නේ සතුන්ගේ පැත්ත පමණයි.
මේ සඳහා සුදුසු ආයතනයක් ගොඩනගන්න අවශ්‍ය වෙනවා. ලෝකයේ වෙනත් රටවල්වල මේ සඳහා ක්‍රමවේද තියෙනවා. නගරයේ ඉන්න සතුන් අල්ලගෙන ගිහින් වෙනත් කොහාටවත් අත්හැර ඒ පැත්තට කවදාවත් නොතිබුණ ප්‍රශ්නයක් අලුතින් නිර්මාණය කිරීම නෙවෙයි. මේක වගකීම් සහගතව විසඳන වැඩ පිළිවෙළක් නැතිව අත්හැරල දාල තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ මාධ්‍ය සාකච්ඡාව තුලින් අවධානය යොමු කරවා මහනුවර නගරය තුළ දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කරන්න. මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්න පාර්ලිමේන්තු මන්තීවරුන් 12 දෙනාට වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් ප්‍රබල හඬක් නගන්න. නමුත් එහෙම හඬක් නගන බවත් අද දක්වාම පේන්න නෑ. මේවා ප්‍රශ්න හැටියට සලකන්නේ නැතිද කියන ප්‍රශ්නයකුත් තියෙනවා” යැයි ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය.