විදෙස්ගත වෙන්න එපා - ජනපති ඉංජිනේරුවන්ට කියයි
විදෙස්ගතවීමට සූදානමින් සිටින ඉංජිනේරුවන් රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් තවත් වසර කිහිපයක් මවු බිමේ රැඳී සිටින ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ල සිටියි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීමේ අවස්ථාවට ඊයේ (06දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී එක්වෙමිනි.
තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම යනු රටත්, ජාතියත් ජයග්‍රහණය කරා ගෙනයාම වන අතර, ජාතියේ හෙට දවස වෙනුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වන ලෙස ජනාධිපතිවරයා සියලු දේශපාලන නායකයින්ට, විද්වතුන්ට, පෞද්ගලික අංශ ව්‍යාපාරිකයින් ඇතු`ථ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් වෙත සහ පාසල් දරුවන් ඇතුළු සමස්ත පුරවැසියන්ට ආරාධනා කිරීමටත් කටයුතු කළේය.
මෙහිදී ජනාධිපතිවරයා ජාතික තිරසර කතිකාව වෙත විශේෂ යෝජනා දෙකක් ද ඉදිරිපත් කරනු ලැබීය. ඒ අලි මිනිස් ගැටුමට ස්ථීරසාර විසදුමක් සෙවීම සහ රටේ ආහාර නිෂ්පාදනයෙන් සියයට 32 කට වැඩි ප්‍රමාණයක් සතුන් විසින් විනාශකර දැමීම නිසා මතුව ඇති ගැටලුවලට විසදුම් ලබා ගැනීම පිළිබඳ සියලුදෙනාගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම පිළිබඳවයි.
මේ පිළිබඳ සිය යෝජනා දේශපාලන පක්ෂ භේදයෙන් සහ දේශපාලන කුහකත්වයෙන් තොරව ඉදිරිපත් කරන ලෙසත් එම විවේචන සහ චෝදනා කරන සියලුදෙනාට ආරාධනා කරන බවත් අවශ්‍යනම් තමා පෞද්ගලිකවම හමුවී වුව ද එම යෝජනා භාරදිය හැකි බවත් ජනපතිවරයා කියා සිටියේය.
එමෙන්ම තිරසර සංවර්ධන කතිකාව විවේචනයට, සංවාදයට සහ සාකච්ඡාවට විවෘත අතර විවේචන සතුටින් භාරගන්නා නමුත් අවශ්‍ය වන්නේ විසදුම් සහ කි‍්‍රයාත්මක කළ හැකි යෝජනා සහයෝගය සහ සහභාගිත්වය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.



popular news
-
සෙනෙවි Tuesday, 07 August 2018 10:27 AM
රට රැකියාවල් වලට යන බොහෝ ඉංජිනේරුවන්ට ලැබෙන්නේ තම වෘත්තියට නොගැලෙපෙන ඉංජිනේරුමය නොවන රැකියා බැවින් ඔවුන්ට බොහෝ විට නියම වෘත්තීයමය අත්දැකීම් ලැබෙන්නේ නැත.අද රටේ සිටින ඉංජිනේරුවන් හට මේ රටේම විශාල පරිමාණයේ ව්‍යාපෘති වල සැලසුම්කරණය සහ ඉදි කිරීමේ කටයුතු පිළිබඳව ඉතා හොඳ අත් දැකීම් ලැබේ.දැනට රැකියාවේ නියැලෙන්නේ නැති මෙවැනි අත්දැකීම් බහුල විශ්‍රාමික නිලධාරීන් ඕනෑ තරම් දැකිය හැක. නමුත් මෙරටේ ඉංජිනේරුවන්ට රජයෙන් ලැබෙන්නේ කුඩම්මාගෙ සැලකිලි බව දන්නෝ දනිති. සියළු වරප්‍රසාද ,ඉහල වැටුප් තල සහ උසස් වීමේ අවස්ථා දේශපාලනඥ,විනිසුරු, සහ පරිපාලන සේවයේ අයටය .පිට රට නොයා මෙරටේ සේවය කරන ඉංජිනේරුවන්ට කුඩම්මාගේ සැලකිලි ලබා දෙමින් පිටරට අයට කතා කිරීමෙන් වැඩක් වේයිද ?
Reply : 0 62
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

