විදේශියෙන් ගෙනා කුරුල්ලන් තොගයක් රේගුවෙන් අල්ලයි
ජීවී කුරුල්ලන් 57 දෙනෙකු නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු හලාවත , මාරවිල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සුරතල් සතුන් අලෙවි කිරීමේ ව්‍යාපාරිකයෙකි .
ඔහු ඊයේ දින රාත්‍රී 10.45 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් ගෙන විත් තිබූ ගමන් මලු කීපයක වූ ප්ලාස්ටික් කුරුළු කූඩු තුළ බහා , මෙම රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ජීවී කුරුල්ලන් තොගය රැගෙන විත් තිබුණි .
එම කූඩු තුළ සන් කෝනර් වර්ගයේ එක් කුරුලෙක් ද , ෆැසිපික් වර්ගයේ කුරුල්ලන් 20 ක් ද , ටර්කසින් වර්ගයේ කුරුල්ලන් 02 ක් ද , රෙඩ් ලෝරි වර්ගයේ කුරුල්ලන් 12 ක් සහ ග්‍රීන් චීක්ස් වර්ගයේ කුරුල්ලන් 22ක්ද සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම ව්‍යාපාරිකයා මෙසේ කුරුල්ලන් රැගෙන ඒම මගින් ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධාන මෙන්ම සත්ව නීරෝධනායන පනතේ විධිවිධාන ද උල්ලංඝනය කර ඇතැයි රේගුව වැඩිදුරටත් පවසයි .


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

