විදුලි සෝපානයක් කඩා වැටිමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට
- 16 10 2020
- 13:15
- {{hitsCtrl.values.hits}} views
- ..
මහනුවර ධර්මාශෝක මාවතේ, නිමි ඇඳුම් අලෙවිසැලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පෙදරේරුවරු දෙදෙනෙක් එලෙස මියගොස් තිබේ.
ඔවුන් නඩත්තු කටයුතු කරමින් සිටින විට මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර ඔගස්ටාවත්ත ප්රදේශයේ පදිංචි අම්බලන්ගොඩ ගුරුගෙදර අරවින්ද අවුරුදු 54 හැවිරිදි පුද්ගලයෙක් හා කටුගස්තොට, උඩුවාවල ප්රදේශයේ පදිංචි උපාලි ජයරත්න නැමති 57 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
