වතු සමාගම් වතු කම්කරුවන්ගෙන් පළිගැනිම නතර කළ යුතුයි
රුපියල් 1000 වැටුප ගෙවීමට සිදුවීම නිසා වතු සමාගම් වතු කම්කරුවන්ගෙන් පලි ගන්නා බවට වාර්තා රැසක් ලැබී ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
සාකච්ඡා වාර රැසක් පවත්වා විසඳුමකට නොපැමිණීම නිසා පඩි පාලක සභා මඟින් එම වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කළ පසු එම සමාගම් කම්කරුවන්ගේ සුබසාධන කප්පාදු කරමින් වෘත්තීය සමිති අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දැඩි පළිගැනීම්වලට ලක්කර බවට පැහැදිලි සාක්ෂි ඇතිව වෘත්තීය සමිති නායකයින් චෝදනා කළ බව අමාත්‍යවරයා ඊයේ හපුතලේ පැවති කම්කරු දෙපාර්තමේන්තුව නිලධාරී හමුවේ දී අමාත්‍යවරයා කියාසිටියා.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සාමාන්‍ය කම්කරු නීතිය යටතේ වතු කම්කරුවන්ට ලැබිය යුතු රැකවරණ හා සුභසාධනය වතු හිමියන් අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවයි
වතු සමාගම් වලට කම්කරු නීතිය උල්ලංඝනය කිරීමට ඉඩ දිය නොහැකි බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. කම්කරු හා වෘත්තිය සමිති වලට වතු හිමියන්ගෙන් නිරන්තරයෙන් බලපෑම් එල්ල කිරීම නතර කළ යුතු බවත් කම්කරුවන්ගේ සහ වෘත්තිය සමිති වල අයිතිවාසිකම් රැකෙන පරිදි අදාළ නීති සංශෝධනය කර එම නීති ශක්තිමත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.
එසේම කම්කරුවන් සහ හාම්පුතුන් අතර සුහදතාවය රැක ගැනීමට දෙපාර්ශ්වයම කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
මෙම අවස්ථාවට කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක්ව සිටියා.
popular news
-
Samson de silva Saturday, 17 July 2021 08:53 AM
Wathuhimiyan gena kathaakarannata kalin, thamuselage aanduwa wurthiya samithi ayithiwaasikam nathi karamin, sanga, weda, guru, govi, kamkaru siyallangenma paliganeema nawathwanne kawadaada kiyaa balamuda? Naaki meeharak pappalaata kiyanna thiyenne - Owaa denu parahata, thamaa sammathehi pihitaa sita.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

